Saturday, April 20, 2024

General line - 0115112241

SLT ස්පීඞ් අප් පාපැදි සවාරියේ දෙවන අදියර අද




SLT ස්පීඞ් අප් පාපැදි සවාරියේ දෙවන අදියර අද (05) මාතරින් ආරම්භ වනවා. මෙහි දුර ප‍්‍රමාණය කිලෝමීටර් 161.4ක්. බලංගොඩ SLT කාර්යාලය ඉදිරිපිටින් මෙම අදියර අවසන් කිරීමට නියමිතව තිබෙනවා.

දික්වැල්ල, බෙලිඅත්ත, කිරම, කටුවන, ඇඹිලිපිටිය, උඩවලව, මාදම්පේ, කහවත්ත, පැල්මඩුල්ල හරහා තරගකරුවන් බලංගොඩට පැමිණෙනු ඇති. 

SLT ස්පීඞ් අප් පාපැදි සවාරිය දින 05ක් පුරා පැවැත්වෙනවා. පළමු අදියර ඊයේ (04) පැවැත්වුණේ කොළඹ සිට මාතර දක්වායි. නම ගිය පාපැදි කී‍්‍රඩකයින් ද ඇතුළත්ව කණ්ඩායම් 15ක් නියෝජනය කරමින් කී‍්‍රඩකයින් 150ක් පමණ මීට සහභාගී වනවා.