Saturday, April 20, 2024

General line - 0115112241

ජනබලය ගුවනට දිස්වන අයුරු (PHOTOS/ VIDEO/UPDATE)

චම්ලි ඒකනායක




ජනබලය කොළඹට විරෝධතාවය සඳහා සහභාගී විසීන ජනතාවගෙන් කොටසක් කොළඹ කොටුව සහ පිටකොටුව මහා මාර්ගයන් වසාගෙන් ගමන් කරන ආකාරය.

(ඡායාරූප රංග ශ්‍රීලාල්ගේ ට්විටර් ගිණුමෙනි)

-----------------------------------------------

ජනබලය කොළඹට -   විරෝධතාවය පුරහල අසලින් ඇරඹෙයි

05-09-2018 14:44

ජනබලය කොළඹට විරෝධතාවය කොළඹ පුරහල අසලින් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් පුරහල අවට රථ වාහන තදබදයක්ද ඇතිව තිබෙනවා.

----------------------------------------------------

ජනබලය කොළඹට - පැති කිහිපයකින් එන ජනතාව තැන් කිහිපයක විරෝධතාවයට සැරසෙයි

05-09-2018 13:55

ජනබලය කොළඹට විරෝධතාවයට සහභාගීවන විරෝධතා කරුවන් පිවිසුම් කිහිපයක් ඔස්සේ කොළඹට ළඟ වෙමින් ඇතැයි ඒකබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග පවසනවා. 

එක් විරෝධතාවක් ලේක් හවුස් වටරවුම අසළ පවත්වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ කියා සිටියේ. ඊට අමතරව තවස් ස්ථාන කිහිපයක විරෝධතාව පැවැත්වෙන බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.

කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් බලමුළු තර කර තිබෙනවා. ජල ප්‍රහාරක රථද සූදානම්ව තිබෙනවා. ඇතැම් මාර්ගයන්ට පිවිසීම මාර්ග භාධක යොදා සීමා කර තිබෙනවා. 

සමාන්‍ය දිනක කොළඹ නගරයේ දක්නට ලැබෙන රථ වාහන ප්‍රමාණය අද ප්‍රමාණාත්මකව අඩු බවක් දක්නට ලැබෙනවා.

 

------------------------------------------

ජනබලය කොළඹට - දක්ෂිණ අධිවේගී පිවිසුම අසල නවතී 

05-09-2018 11:55

ජනබලය විරෝධතාවයට පැමිණෙන ජනතාවගෙන් කොටසක් දක්ෂිණ අධිවේගේ මාර්ගයේ, මාතර ගොඩගම නිල්වලා පිවිසුම අසල රැඳී සිටින අයුරු.

--------------------------------------

ජනබලය කොළඹට - ගම්බිම්වලින් පිටත්වෙයි

05-09-2018 11:13

ජනබලය කොළඹට විරෝධතාව සඳහා ජනතාව තම ගම් බිම් වලින් පිටත්වන අවස්ථාවේ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේවනවිට දක්වට ලැබෙනවා. 

මේ එවන් අවස්ථාවන් කිහිපයකින් ලබාගත් ඡායාරූපයි

  බලන්ගොඩ

මාතලේ