Friday, April 19, 2024

General line - 0115112241

SLT ස්පීඞ් අප් පාපැදි සවාරියේ තුන්වන අදියර අද




SLT ස්පීඞ් අප් පාපැදි සවාරියේ තුන්වන අදියර බලංගොඩ සිට මහියංගණය දක්වා අද (06) පැවැත්වෙනවා.

එහි සම්පූර්ණ දුර ප‍්‍රමාණය කිලෝමීටර් 130.8ක්.

බලංගොඩ ඔරලෝසු කණුව අසලින් ආරම්භ වන තරගය අවසන් වන්නේ මහියංගණය මහජන ක‍්‍රීඩාංගණය ඉදිරිපිටින්. ඒ, බෙලිහුල්ඔය, වැලිමඩ, බණ්ඩාරවෙල, හාලිඇළ, බදුල්ල, කන්දකැටිය හා මීගහකිවුල යන ප‍්‍රදේශ පසුකර යමින්.

දිවයිනේ නම ගිය පාපැදි කී‍්‍රඩකයින් ද ඇතුළත්ව කී‍්‍රඩකයින් 120ක් පමණ මීට සහභාගී වනවා.