Friday, April 26, 2024

General line - 0115112241

ප්‍රහාරයකට පැමිණි ත්‍රස්තවාදියා වෙඩි කයි

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




නෙදර්ලන්තයේ ඇමැස්ටර්ඩෑම් නගරයේදී සංචාරකයින් පිරිසක් ඉලක්ක කර එල්ල කිරීමට සූදානම් වූ ප‍්‍රහාරයක් ව්‍යර්ථ කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ වී ඇත්තේ 19 හැවිරිදි ඇෆ්ගන් ජාතිකයෙකු බවයි ප‍්‍රකාශ කෙරුණේ.

තියුණු ආයුධයකින් ඔහු සිදු කළ ප‍්‍රහාරයෙන් අමෙරිකානු සංචාරකයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ප‍්‍රහාරය එල්ල කර තත්පර 09ක් තුළ සැකකරුට වෙඩි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සැකකරු ත‍්‍රස්ත සංවිධානයකට සම්බන්ධ බවටයි සැක කෙරෙන්නේ.