Thursday, April 25, 2024

General line - 0115112241

බිරිඳ රට! දරු තිදෙනා තනිවෙයි! ජනබලයට ඇවිත් ඇවිදගන්න බැරුව මිය ගිය ජගත්

රංජිත් රාජපක්ෂ - හැටන්




ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මගින් ඊයේ (05) කොළඹදි සංවිධානය කර තිබු ජන බල මෙහෙයුමට සහභාගි වු හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචිව සිටි තිදරු පියෙක් ජිවිතක්ෂයට පත්වුණා.

39 හැවිරිදි ජගත් විමසුරිය නැමති මරණකරු වෘත්තියෙන් හැටන් කොළඹ පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකි. ජනබලය විරෝධතාවයට සහභාගි විම සඳහා මිතුරන් කිහිපදෙනෙකු සමග කොළඹට පැමිණ මාලිගාවත්තේදී බස් රථය නතර කර මිතුරන් සමග ලෙක් හවුස් වටරවුම දක්වා පාගමනින් යන අතරතුර  තමන්ට අසනිප බවත්, එම නිසා යලිත් තමන්  බස් රථයට  යන බව පවසා ගිය  ආපසු බවයි ඔහුගේ මිතුරෙකු කියා සිටින්නේ.

ඊයේ පස්වරු 6.15 පමණ යලිත් බස් රථයට පැමිණ පරික්ෂා කිරිමේදි මරණකරු බස් රථයේ අසුනක් මත වැටි සිටි බවයි ඔහුගේ මිතුරා දැක ඇත්තේ.

ඔහුගේ බිරිඳ ගෘහ සේවය සදහා විදේශගත වි ඇති අතර ඔහුට පිරිමි ළමුන් දෙදෙනෙකු සහ  වයස අවුරුදු පහක ගැහැණු ළමයෙකුද සිටිනවා. මිය ගිය අයගේ මෘත දේහය  කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණ අද (06) සිදු කිරිමට නියමිතය.