Friday, April 19, 2024

General line - 0115112241

බැලුම්ගල හෙළිකළ වාහන ජාවාරම ගැන සියලු පොලිසිත් පරීක්ෂණ අරඹයි




නෙත් එෆ්. එම්. බැලුම්ගල ලබාදුන් තොරතුරක් අනුව වාහනවල චැසි අංක සහ එන්ජින් අංක කූඨ ලෙස වෙනස් කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, එම වාහන සංවිධානාත්මක අපරාධවලට යොදාගෙන තිබේදැයි යන්න සොයාබැලීම සඳහායි.

ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන්නැයි සියලූ පොලිස් ස්ථානවලට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.  

නෙත් එෆ්. එම්. බැලුම්ගල ලබාදුන් තොරතුරක් අනුව සිදු කළ විමර්ශනයකදී වාහන 64ක චැසි සහ එන්ජින් අංක වෙනස් කර ඇති බවට අනාවරණ වී තිබෙනවා. පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකය විසින් පිළියන්දල, බෝකුන්දර ප‍්‍රදේශයේ කරන ලද වැටලීමේදී ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. 

මෙම මෙහෙයුම පිළිබඳ අනාවරණ කෙරුණු  නෙත් එෆ්. එම්. බැලුම්ගල වැඩසටහන පහතින් දැක්වෙයි.