Friday, April 26, 2024

General line - 0115112241

සමලිංගිකත්වය සම්බන්ධයෙන් ඓතිහාසික නඩු තීන්දුවක්

ඩිල්ෂාන් මඩවල - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සමලිංගිකත්වය සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) ඓතිහාසික තීන්දුවක් ලබාදුන්නා. ඒ, තවදුරටත් සමලිංගිකත්වය ඉන්දියාවේ සාපරාධී වරදක් නොවන බවට ප‍්‍රකාශ කරමින්.

සමලිංගිකත්වය ස්වභාවික නොවන වරදක් ලෙස හදුන්වා දෙමින් යටත්විජිත සමයේ පැවති නීතියක් ස්ථිර කර 2013 වසරේ ලබාදුන් තීන්දුව ඒ අනුව වෙනස්වනු ඇති. ඉන්දියාවේ පැවති මෙම නීතිය ලොව පැරණිතම නීතියක් වන අතර එය වෙනස් කිරීමට ඉන්දියාව මැලිකමක් දැක්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප‍්‍රකාශ කරන අවස්ථාවේ අධිකරණ භූමියේ පිටත රැඳී සිටි කි‍්‍රයාකාරිකයින් පිරිසක් පී‍්‍රතිඝෝෂා පැවැත් වූ බවද එහි සඳහන්.