Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට ගෙනවනලද වාහන ප්‍රමාණයේ අඩුවක්

චම්ලි ඒකනායක




2017 වසර අවසානය වනවිට ශ්‍රි ලංකාවේ මෝටර් රථ ගහනය මිලියන 7.2ක් ලෙස වාර්තාවෙන අතර එය 2016 වසරේ වාර්තාවූ මිලියන 6.8 ට වඩා 7% ක වර්ධනයක් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙනවා.

මෝටර් රථ වෙළෙදපොල පිළිබඳ ලංකා වාණිජ මණ්ඩලයේ නවතම වාර්ෂික සංඛ්‍යා විශ්ලේෂණ වාර්තාවට අනුව, ශ්‍රි ලංකාව 2017 වසරේ මෝටර් රථ ආනයනය සදහා රු. බිලියන 204 ක් වැයකර ඇති අතර එය පසුගිය වසරේ වැයකරන ලද වියදමට වඩා 5% ක වර්ධනයක් පෙන්නුම් කරනවා. නමුත්, ආනයනය කරන ලද වාහන ප්‍රමණය 11% කින් අඩුවී තිබෙනවා. එබැවින්, වාර්ෂික මෝටර් රථ ලියාපදිංචියෙහි 9% ක පහතවැටීමක් වාර්තා වනවා.

ලංකා වාණිජ මණ්ඩලයේ, ආර්ථික බුද්ධි ඒකකය මගින් සම්පාදනය කරන ලද මෙම වාර්තාව, ශ්‍රි ලංකාවේ මෝටර් රථ වෙළදපොල පිළිබද විස්තරාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කරනවා. වාර්තාව විශ්ලේෂණය කර දක්වන ප්‍රධාන ක්ෂේත්‍ර වන්නේ මෝටර් රථ ගහනය, ලියාපදිංචිය,ආනයනය සහ මෝටර් රථ පිළිබද ලෝක වෙළදපොල තත්වයයි.

Economy.lk ‏ඇසුරෙණි.