Friday, April 26, 2024

General line - 0115112241

ජපානයේ භූමිකම්පාවක් : 40 ක් අතුරුදහන්

දිනුක් හේවාවිතාරණ




උතුරු දිග ජපානයේ පිහිටි හොකයිඩෝ දුපතට බලපෑ රිච්ටර් ඒකක 6.7 ක ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් පුද්ගලයින් 09 දෙනෙක් මිය ගොස් තිබෙනවා.

භුමිකම්පාවත් සමග ඇතිවූ නායයාම් හේතුවෙන් නිවස විශාල සංඛ්‍යාවක් විනාශ වී ඇති අතර ආපදා සහන සේවකයින් සදහන් කරන්නේ ඒ හේතුවෙන් තවත් පුද්ගලයින් 40 දෙනෙක් පමණ අතුරුදහන්වී ඇති බවයි.

ජපානයේ බටහිර වෙරළ කලාපයට බලපෑ ජේබී සුළි කුණාටුවට මුහුණ දී දින දෙකක් ගත වීමට පෙර එරට වැසියන්ට තවත් වරක් සොභාවධර්මයේ අණසකට යටත් වීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර සිටිනවා. වසර 25 කට පසුව ජපානයට බලපෑ ප්‍රබලතම සුළි කුණාටුව ලෙස ජේබි සුළි කුණාටුව එරට කාලගුණ බලධාරීන් හදුන්වනු ලැබුවා.

අතුරුදහන්වූ පුද්ගලයින් සොයා මේ වන විටත් සහන සේවකයින් සෝදිසි මෙහෙයුම් දියත් කර ඇති බවයි ජපාන මාධ්‍ය සදහන් කර සිටිනවා.