Tuesday, April 23, 2024

General line - 0115112241

විල්පත්තුවේ කෘතිම පොකුණු ජලයෙන් පුරවයි (PHOTOS)

ජූඩ් සමන්ත




මේ දිනවල පවතින දැඩි නියගය හේතුවෙන් විල්පත්තු ජාතික වනෝද්යාීනයේ විල්ලු රැසක් සිඳී යාමට පටන් ගෙන ඇති බව උද්‍යාන පාලක චමත් ලක්ෂමන් පෙරේරා  සඳහන් කරයි. පවතින තත්ත්වයට පිළියම් ලෙස කෘතිමව සකස් කර ඇති විල්ලු සඳහා බව්සර් මගින් ජලය සම්පාදනය කිරීමට වන ජීවී නිලධාරීන් කටයුතු කර ඇත.

විල්පත්තුව ජාතික වනෝද්යා්නය තුළ විල්ලු 42 ක් ඇත. ඉන් විල්ලු 14 ක් මේ වන විට සම්පූර්ණයෙ සිඳී ගොස් ඇත. තවත් විල්ලු 20 ක් පමණ සිදී යමින් පවතී. විල්ලු 08 ක ජලය රැඳී තිබුනත් එම ජලය උද්‍යානය තුළ සිටින වන සතුන්ට ප්‍රමාණවත් නොවන බව උද්‍යාන පාලකවරයා සදහන් කරනවා.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් ගලා බසින මෝදරගම්ආරු ඔයේ ජල මට්ටම පහත බැස තිබීම හේතුවෙන් එම ප්‍රදේශයේ ගැවසෙන වන සතුන්ද දැඩි පීඩාවකට පත්ව සිටින බව වන ජීවී නිලධාරීන් කියයි. මෙම තත්ත්වයට පිළියම් ලෙස කෘතිමව සකස් කරන ලද පොකුණු වලට ජලය සම්පාදනය කිරීමට වන ජීවී නිලධාරීන් කටයුතු කර ඇත. නමුත් වනාන්තරයේ ඇති වන සතුන්ට හිතකර තෘණ වර්ගද මේ වන විට වියලී යමින් තිබෙන බවක් දක්නට ඇත. මෙම තත්ත්වය නිසා වන සතුන් ආහාර සොයා ගම්වැදීමට ඇති ඉඩකඩ වැඩි බවද වන ජීවී නිලධාරීන්ගේ මතය වී තිබෙනවා.