Wednesday, April 24, 2024

General line - 0115112241

එස් එල් ටී ස්පීඞ් අප් පාපැදි සවාරියේ කාන්තා තරගයේ පළමු අදියරේ පළමු ස්ථාන 3 ම ගුවන් හමුදාවට (UPDATE)




එස් එල් ටී ස්පීඞ් අප් පාපැදි සවාරියේ කාන්තා තරගයේ පළමු අදියරේ පළමු ස්ථාන 3 ම දිනා ගැනීමට ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව අද සමත් වුණා. මෙම අදියර පැවැත්වුණේ කොළඹ සිට කෑගල්ල දක්වායි. ප‍්‍රථම ස්ථානය දිනේෂා දිල්රුක්ෂි විසින් දිනාගත්තා. දෙවන ස්ථානය දිනාගත්තේ සුධාරිකා පි‍්‍රයදර්ශනීයි. නිරෝෂණි පෙරේරා 3 වන ස්ථානය දිනා ගත්තා. මෙම තරගයේ දෙවන සහ අවසන් අදියර කෑගල්ලේ සිට කුලියාපිටිය දක්වා හෙට පැවැත්වෙනවා. 

මේ අතර එස් එල් ටී ස්පීඞ් අප් පාපැදි සවාරියේ පිරිමි තරගයේ 4 වන අදියරට එක්ව සිටින තරගකරුවන් මේ වනවිට ඉතා වේගයෙන් දඹුල්ලට ළගාවෙමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ. දඹුල්ල බස් නැවතුම්පොල අසලින් මෙම අදියරේ පළමු කොටස අවසන් වනවා. දෙවන කොටස අද පස්වරුවේ අනුරාධපුරය දක්වා පැවැත්වීමට නියමිතයි. 
 

-----------------------------------

එස් එල් ටී ස්පීඞ් අප් පාපැදි සවාරියේ පිරිමි අදියරේ 4 වන අදියර අද

07-09-2018 10:55

එස් එල් ටී ස්පීඞ් අප් පාපැදි සවාරියේ කාන්තා තරගයට සහභාගි වී සිටින තරගකාරියන් මීට නොබෝ වේලාවකට පෙර කටුනායක පසු කරමින් ධාවනයේ යෙදුණා. කොළඹ එස් එල් ටී මූලස්ථානය ඉදිරිපිට සිට සිදු කෙරුණු නිදහස් ධාවනයකින් පසු ඔවුන්ගේ නිල තරගය ආරම්භ වුණේ පෑලියගොඩ ප‍්‍රදේශයෙන්. අදියර දෙකක් යටතේ පැවැත්වෙන මෙම තරගයේ පළමු අදියර කෑගල්ල දක්වා වනවා. වාරියපොල දක්වා ඔවුන්ට ධාවනයේ යෙදිමට ඇත්තේ තැනිතලා මාර්ගයකයි. අනතුරුව කදු සහිත ප‍්‍රදේශයක ධාවනයේ යෙදීමට තරගකාරියන්ට සිදුවනවා.

මේ අතර එස් එල් ටී ස්පීඞ් අප් පාපැදි සවාරියේ පිරිමි අදියරේ 4 වන අදියර ද මේ වනවිට පැවැත්වෙනවා. නිල ආරම්භය සිදු කෙරුණේ හසලක ඔරලෝසු කණුව ඉදිරිපිටින්. කදුතරණයක්ද සහිතව තරගකරුවන් මේ වනවිට ධාවනයේ යෙදී සිටිනවා.