Tuesday, April 16, 2024

General line - 0115112241

තායිලන්තයේ උමං විරයින්ට රජු දුන්නු දේ (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




මිට මාස කිහිපයකට ඉහතදී තායිලන්තයේ පාපන්දු කණ්ඩායමක කුඩා ළමුන් 12 දෙනෙක් සහ ඔවුන්ගේ පුහුණුකරු තාම් ලුආන්ග් උමං ගුහාවේ සිට බේරා ගැනීමට දායක වූ සියලුම කිමිදුම්කරුවන්, ආරක්ෂක අංශ සාමාජිකයින් හට ස්තුතිය පළකිරීම සදහා එරට අගමැතිගේ ප්‍රධානත්වයෙන් විසින් විශේෂ උත්සවයක් පවත්වා තිබෙනවා.

මෙම ගලවා ගැනීමේ මෙහෙයුමට දායකත්වය දැක්වූ සියලුම ජාත්‍යන්තර කිමිදුම්කරුවන් ඇතුළු අනෙක් කිමිදුම්කරුවන්ට තායිලතයේ රජු විසින් සිය ස්තුතිය පුදකරමින් ලබාදුන් ලිපි මෙම උත්සවයේදී ලබාදී තිබෙනවා.

 " ඔබ කවුරු වුවත්, මෙම මෙහෙයුමේදී ඔබ ලබාදුන්නේ කුමන දායක්තවයක්ද කියන එක නෙමෙයි වැදගත්. ගැටලුකාරී අවස්ථාවේදී අපට ශක්තියක්, ප්‍රේමයක්, කරුණාව සහ ඇදහිල්ලේ බලය තුලින් ඔබ ලෝකයා හමුවේ අපිට දැක්වූ සහය ගැන අප ස්තුතිවන්ත වනවා යැයි"  මෙම උත්සවය ඇමතු තායිලන්ත අගමැතිවරයා ප්‍රකාශ කර සිටියා.