Saturday, April 20, 2024

General line - 0115112241

SLT ස්පීඩ් අප් පාපැදි සවාරියේ කාන්තා දෙවන අදියර අවසන් (UPDATE)

කසුන් කැළුම්




එස් එල් ටී ස්පීඞ් අප් පාපැදි සවාරියේ කාන්තා තරගයේ දෙවන අදියර මීට නොබෝ වේලාවකට පෙර නිමාවට පත්වුණා. කෑගල්ලෙන් ආරම්භ වූ එම තරගය නිමාවට පත්වුණේ කුලියාපිටිය නගරයෙන්. සමස්ථ දුර ප‍්‍රමාණය කිලෝ මීටර් 81ක්. මෙම අදියරේ ප‍්‍රථම ස්ථානය ලෙමර් ප්‍රෝ කණ්ඩායම නියෝජනය කළ මදුමාලි ප‍්‍රනාන්දු ට හිමිවුණා. දෙවන ස්ථානය දිනා ගත්තේ 

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ පංචාලි සුලෝචනායි. තුන්වන ස්ථානය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කළ නිලූකා ශ්‍යාමලී ට හිමිවුණා. 
-----------------------------------------

SLT ස්පීඩ් අප් පාපැදි සවාරියේ අවසන් අදියර අද

08-09-2018 06:40

එස් එල් ටී ස්පීඞ් අප් පාපැදි සවාරියේ 05වන සහ අවසන් අදියර අද (08) පැවැත්වෙනවා. අනුරාධපුර එස් එල් ටී කාර්යාලය ඉදිරිපිටින් පස්වරු 01.30ට ආරම්භ වන එම තරගය කුරුණෑගල හරහා කුලියාපිටියෙන් නිමාවට පත්වීමට නියමිතයි.

කාන්තා තරගය අද පෙරවරු 08.30ට ආරම්භ වන්නේ කෑගල්ල නගරයෙන්. කුලියාපිටිය නගරයෙන් එම තරගයද නිමාවට පත්වනවා.

ආබාධිත කී‍්‍රඩකයන්ගේ පාපැදි ධාවන තරගය කුරුණෑගලින් ආරම්භ වී කුලියාපිටිය නගරයෙන් නිමාවීමට නියමිතයි. අද රාති‍්‍රයේ කුලියාපිටිය කාර්මික විද්‍යාලයීය කි‍්‍රඩාංගනයේදී පැවැත්වෙන සංගීත ප‍්‍රසංගයේදී තරගාවලියේ ජයග‍්‍රාහකයින්ට ජය සංඛේත හා ත්‍යාග පිරිනැමීමට නියමිතයි.
---------------------------------------

SLT ස්පීඞ් අප් පාපැදි සවාරියේ සිවුවන අදියරේ ජය ගයාන්ට

07-09-2018 18:55

එස් එල් ටී ස්පීඞ් අප් පාපැදි සවාරියේ පිරිමි තරගයේ සිවුවන අදියරේ සමස්ත ජයග‍්‍රහණය හිමිකර ගැනීමට ශී‍්‍ර ලංකා යුද හමුදාව නියෝජනය කළ ගයාන් කුමාර සමත් වුණා. අද (07) උදෑසන මහියංගණය මහජන කී‍්‍රඩාංගණය අසලින් ආරම්භ වූ සිවුවන අදියරේ පළමු අර්ධය අවසන් වුණේ දඹුල්ල බස්නැවතුම්පොළ අසලින්. 

සිවුවන අදියරේ පළමු අර්ධයේ මුලූ දුර කිලෝමීටර් 140.7කින් සමන්විත වුණා. කිලෝමීටර් 64. 7කින් සමන්විත දෙවන අර්ධය දඹුල්ලෙන් ආරම්භ වී අද පස්වරුවේ අවසන් වූයේ අනුරාධපුර එස් එල් ටී කාර්යාලය අසලින්. 

සිවුවන අදියරේ දෙවන ස්ථානය වරාය අධිකාරිය නියෝජනය කළ ඉසුරු තරංග දිනා ගත් අතර තුන්වන ස්ථානය ශී‍්‍ර ලංකා යුද හමුදාවේ සඳරුවන් පිංතු විසින් දිනා ගත්තා. 

එස් එල් ටී ස්පීඞ් අප් පාපැදි සවාරියේ පස්වන අදියර අනුරාධපුර එස් එල් ටී කාර්යාලය අසලින් හෙට (08) උදෑසන ආරම්භ වීමට නියමිත අතර එහි ගමනාන්තය වන්නේ කුලියාපිටියයි.