Saturday, April 20, 2024

General line - 0115112241

IS බවට සැක ඉංජිනේරු සිසුන් දෙදෙනකු පිස්තෝල සමග අල්ලයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අයි එස් සංවිධානයට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එරට මාධ්‍ය පැවසුවේ නව දිල්ලි අගනුවර සුප‍්‍රකට රතුකොටුව ආසන්නයේ පිහිටි බස් නැවතුම්පළකදී එරට පොලීසිය විසින් මෙම සැකකරුවන් දෙපළ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔවුන් ජම්මු - කාශ්මීර ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක අයිඑස් සංවිධානයට අයත් ත‍්‍රස්ත කණ්ඩායමකට සම්බන්ධ බවට සැකකෙරෙන බව සඳහන්. සැකකරුවන් සතුව තිබී ආනයනික පිස්තෝල දෙකක් ද සොයා ගැනුණූ බවයි ඉන්දීය පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකාර තරුණයින් දෙදෙනා කාශ්මීර ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් ඉංජිනේරු ශිෂ්‍යයින් බවයි පැවසෙන්නේ.