Tuesday, April 23, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් පූර්ව තරඟයට

කසුන් කැලුම්




11 වන ආසියානු දැල් පන්දු ශූරතා තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගි වන අවසන් පූර්ව තරගය අද පැවැත්වෙනවා. ඒ හොංකොං කණ්ඩායමට එරෙහිවයි.

මෙම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් අද පස්වරු 12.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙවර ආසියානු දැල් පන්දු තරගාවලියට සිංගප්පූරුව සත්කාරකත්වය ලබා දෙන අතර ශී‍්‍ර ලංකාව මෙවර තරගාවලියේ සිටින එකම අපරාජිත කණ්ඩායමද වනවා. මූලික වටයේදී චීන තායිපේ සහ ඉන්දියාව පරාජය  කළ ශී‍්‍ර ලංකාව දෙවන වටයේදී වත්මන් ආසියානු දැල්පන්දු ශූරියන් වන මැලේසියාව සහ ප‍්‍රබල සිංගප්පූරුවද පරාජය කිරීමට සමත්වුණා.

සිව්වරක් ආසියානු දැල්පන්දු ශූරියන් වූ ශී‍්‍ර ලංකාව අවසන් වරට එම කිරුළ දිනා ගත්තේ 2009 වසරේදීයි.