Thursday, April 25, 2024

General line - 0115112241

මන්ත්‍රීට රුව පුළුස්සා මාධ්‍යකරුවන් විරෝධතාවයක (PHOTOS)

දිනසේන රතුගමගේ - වවුනියාව




උතුරු පළාත් සභාවේ මුස්ලිම් මන්ත්‍රීවරයකු යාපනයේ පලවන පුවත්පත් මිටියක් ගෙන ප්‍රසිද්ධියේ ඊට ගිණිතබා විරෝධය පලකිරීම නිසා යාපනයේ මාධ්‍යකරුවෝ අදාල මන්ත්‍රීවරයාගේ රුවක් සහිත පඹයෙකු සාදා 7 දා යාපනය නගරයේදී ගිණිතබා විරෝධය පලකළා.

උතුරු පළාත් සභාවේ එම් අයුබ්.අස්මින් මන්ත්‍රීවරයා (01) දා සවස මේ අන්දමට යාපනයේ පලවන පුවත් පතක පිටපත් කීපයක් ජනතාව ඉදිරියේ ගිණි තබා විනාශ කරණ ලද්දේ ඔහු සම්බන්ධයෙන් විවේචනාත්මක ලිපියක් එම පුවත් පතේ පලවීම සම්බන්ධයෙන් විරෝධය පලකිරීම සඳහාය. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූ තරුණයින් පිරිසකගේ අවි ආයුධ මුස්ලිම් දේශපාලනඥයින් ළග තබා ගේන සිටින බවට මේ දිනවල පැතිර යන කතාව සම්බන්ධයෙන් අස්මින් මන්ත්‍රීවරයා උතුරු පළාත් සභාවේ කරණ ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදාල දෙමළ පුවත් පත ඔස්සේ පලකරණ ලද ලිපියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා උරණ වී ඊට විරෝධය පලකිරීමට පුවත් පතට ගිණි තබා තිබේ.

මේ මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයට හිමි බෝනස් මන්ත්‍රීධූරය සඳහා මන්නාරම දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූයේ දෙමළ ජාතික සන්ධානය සමග අත්සන් කළ ගිවිසුමක් අනුවය. යාපනයේ මාධ්‍ය සමාජය සිය නිවේදනය මගින් කියා සිටින්නේ අදාල මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් වැරදි යමක් පුවත් පතේ පලවී තිබුණේ නම් එය නිවැරදි කරගැනීමට අවස්ථාව තිබූ බවයි.

ඔහුට අපහාස වන අන්දමේ යමක් පල වී තිබුණේ නම් ඊට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට අවශ්‍ය ඉඩකඩ තිබියදී මහා සෙනගක් රැස් කොට මන්ත්‍රීවරයා යාපනයේ මුස්ලිම් දේවස්ථානයක් ඉදිරිපිට දී පුවත් පත් වලට ගිනි තැබීම සදාචාර සම්පන්න නොවන බවද සදහන් කොට තිබේ.

මේ නිසා එම මන්ත්‍රීවරයාට විරෝධය පලකිරීම සදහා යාපනයේ මාධ්‍යකරුවෝ මන්ත්‍රීවරයාගේ රුව සහිත පඹයෙකු සාදා ඊට ගිණි තබා විරෝධය පල කොට තිබේ.