Saturday, April 20, 2024

General line - 0115112241

එළවළු කරත්තය පෙරළා දැමීමේ නොදුටු වීඩියෝව මෙන්න (VIDEO) (UPDATE)

හේමන්ත කහවලගේ




පානදුර ලංගම බස් නැවතුම්පොළ අසල නීතිවිරෝධීව වෙළඳාම් කළ තරුණයින් දෙදෙනෙකුගේ එළවළු කරත්තය පෙරළා දමා ඔවුන් ඉන් ඉවත් කිරීමට කටයුතු කිරීමට අදාල බව කියන වීඩියෝවක් පසුගිය දින කිහිපයේ සමාජජාල ඔස්සේ සංසරණය වුණා.

එහිදී එළවළු කරත්තය පෙරළා දැමූ බවට චෝදනා එල්ල කෙරුණේ පොලිසියට සහ නගර සභාවටයි.

කෙසේවෙතත්  මෙම එළවළු කරත්තය ඉවත් කළේ නීත්‍යානුකූල අන්දමින් බව පානදුර නගර සභාවේ නගරාධිපති නන්දන ගුණතිලක පැවසුවා. මීට පෙර ඒ පිළිබඳ මෙම පුද්ගලයින් දෙදෙනා දැනුවත් කර තිබූ බවත් මෙම කරත්තය පෙරළා දැමුවේ එළවළු කරත්තය හිමි තරුණයා විසින්ම බවයි නගරාධිපති නන්දන ගුණතිලක එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

ඊට අදාළ වීඩියෝවද  නගරාධිපති නන්දන ගුණතිලක සිය ෆේස්බුක් පිටුව වෙත එක් කර තිබෙනවා.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි)

 

---------------------------------

පානදුරේ එළවළු විකුණු තරුණයා පිළිබඳ ප්‍රචාරය වූ ප්‍රවෘත්තිය ගැන පානදුර නගරාධිපති කතා කරයි (UPDATE)

(09-09-2018 12:18)

 

පානදුර ලංගම බස් නැවතුම්පොළ අසල නීතිවිරෝධීව වෙළඳාම් කළ තරුණයින් දෙදෙනා ඉවත් කළේ නීත්‍යානුකූල අන්දමින් බව පානදුර නගර සභාවේ නගරාධිපති නන්දන ගුණතිලක පවසනවා.

මීට පෙර ඒ පිළිබඳ මෙම පුද්ගලයින් දෙදෙනා දැනුවත් කර තිබූ බවයි නගරාධිපතිවරයා නෙත් නිවුස් වෙත පැවසුවේ.

පානදුර ලංගම බස් නැවතුම්පල අසල මෙලෙස එළවළු අලෙවි කළ තරුණයින් දෙදෙනෙකුගේ එළවළු කරත්තය අනවසර ඉදිකිරීමක් යැයි පවසමින් කඩා දැමිමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ ද ප‍්‍රචාරය වුණා.

රුපියල් 35,000ක් පමණ වටිනාකමකින් යුත් සිය එළවළු කරත්තය පෙරළා දැමූ බව කියන පුද්ගලයින්ට එක් තරුණයෙකු බැන වදින ආකාරය එහි දැක්වෙනවා. මෙම කරත්තය පෙරළා දැමුවේ එළවළු කරත්තය හිමි තරුණයා විසින්ම බවයි නගරාධිපති නන්දන ගුණතිලක පැවසුවේ. 

පානදුර නගරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට කිසිඳු භේදයකින් තොරව තමන් කටයුතු කරන බවයි පානදුර මහ නගර සභාවේ නගරාධිපති නන්දන ගුණතිලක වැඩි දුරටත් පැවසුවේ.
 

-----------------------------------------

 

පානදුරේ එළවළු විකුණු තරුණයාට කළ අහස පොළොව නුහුලන අපරාධය (PHOTOS)

(08-09-2018 13:20)

 

පානදුර ලංගම බස් නැවතුම්පල අසල එළවළු අලෙවි කළ තරුණයින් දෙදෙනෙකුගේ එළවළු කරත්තය අනවසර ඉදිකිරීමක් යැයි පවසමින් කඩා දැමිමේ සිද්ධියකට බොහෝ පාර්ශව චෝදනා කරනවා. ඒ, එම සිද්ධිය සමාජ ජාල ඔස්සේ ප‍්‍රචාරය වීමත් සමගයි.

රුපියල් 35,000ක් පමණ වටිනාකමකින් යුත් සිය එළවළු කරත්තය පෙරළා දැමූ පුද්ගලයින්ට එක් තරුණයෙකු බැන වදින ආකාරය එහි දැක්වෙනවා. තමන් මහන්සි වී ජීවිකාව පවත්වා ගෙන යාමට විරුද්ධ වන්නේ ඇයිදැයි ඔහු බලධාරීන්ගෙන් ප‍්‍රශ්ණ කළේ මෙලෙසයි.