Friday, March 29, 2024

General line - 0115112241

ආසියානු දැල් පන්දු ශුරතාවලියේ අවසන් තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි

දිනුක් හේවාවිතාරණ / කසුන් කළුම්




සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු දැල් පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමට අද (08) සමත් වුනා.

ඒ, අවසන් පූර්ව තරගයේදී හොංකොං කණ්ඩායම ගෝල 55-46ක් ලෙස පරාජය කරමින්.

අද පැවැත්වෙන සිංගප්පූරු කණ්ඩායම හා මැලේසියා කණ්ඩායම් අතර තරගයෙන් ජය ගන්නා කණ්ඩායමත් සමග හෙට (09) ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට මුහුණ දීමට නියමිතයි. 

අවසන් පුර්ව වටය ජය ගැනීමත් සමග 2019 වසරේ පැවැත්වීම නියමිත ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා තිබෙනවා.