Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අවසන් සටනට සූදානම්

කසුන් කැළුම්




11 වන ආසියානු දැල් පන්දු ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය අද (09) පැවැත්වෙනවා. ඒ, ශි‍්‍ර ලංකාව සහ සත්කාරක සිංගප්පූරුව අතරයි.

ඊයේ (08) පැවති අවසන් පූර්ව තරගයේදී හොංකොං කණ්ඩායම පරාජය කරමින් ශී‍්‍ර ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තා. සිංගප්පූරුව ඊට සුදුසුකම් ලැබුවේ මැලේසියාව පරාජය කරමින්.

මේ දක්වා පවත්වා ඇති ආසියානු දැල් පන්දු ශූරතා තරගාවලි 11 න් අවස්ථා 9 කදීම ශී‍්‍ර ලංකාව අවසන් මහා තරගයට පිවිසියා. ඉන් අවස්ථා 4 කදී ශූරතාව දිනා ගැනීමටද ශී‍්‍ර ලංකාව සමත් වුණා. ශී‍්‍ර ලංකාව අවසන් වරට ආසියානු දැල් පන්දු ශූරතාවක් දිනා ගත්තේ 2009 වසරේදීයි.

එතැන් පටන් අවස්ථා 3 කදී ශී‍්‍ර ලංකාවට සිදුවූයේ අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමටයි. ශි‍්‍ර ලංකාව සහ සිංගප්පූරුව අතර පැවැත්වෙන ආසියානු දැල් පන්දු අවසන් මහා තරගය 
මෙරට වේලාවෙන් අද (09) පස්වරු 1.30 ට ආරම්භවීමට නියමිතයි.