Thursday, April 18, 2024

General line - 0115112241

න්‍යෂ්ටික මිසයිල වලින් තොරව උතුරු කොරියාව සිය සංවත්සරය සමරයි

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ජාත්‍යන්තරයේම අවධානය මධ්‍යයේ උතුරු කොරියානු වැසියන් අද එරට 70 වන රාජ්‍ය සංවත්සරය සැමරුවා. සුපුරුදු පරිදි සිය හමුදාමය ශක්තිය ලොවට විදහා දක්වමින් පැවැත්වුණු රාජ්‍ය සංවත්සර උත්සවයේ විශේෂත්වය වූයේ කිසිඳු න්‍යෂ්ටික බැලැස්ටික් මිසයිලයක් ප‍්‍රදර්ශනය නොකිරීමයි. මීට පෙර පැවැත්වූ සෑම රාජ්‍ය සංවත්සර උත්සවයකදීම සිය න්‍යෂ්ටික ශක්තිය ලොවට පෙන්වීමට සහ බටහිර රාජ්‍යයන්ට අභියෝග කිරීමට තමන් සතු සියලූ න්‍යෂ්ටික මිසයිලයන් ප‍්‍රදර්ශනය කිරීමටයි උතුරු කොරියාව කටයුතු කළේ. එහිදී දිනෙන් දින අත්හදා බලන නවීන පන්නයේ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයන්ද වීම විශේෂත්වයක් වුණා.

එහෙත් මෙවර සංවත්සරයට සාම්ප‍්‍රදායික හමුදා පෙළපාලියක් පමණක් එක් කර තිබූ බව විදෙස් වාර්තාවන්හි සඳහන්. එමෙන්ම මෙවර සංවත්සරයට සමගාමීව උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ජාතිය ඇමතුවේද නැද්ද යන වගද මෙතෙක් අනාවරණ වී නැහැ. බලයට පත්වීමෙන් පසුව පැවැති සෑම රාජ්‍ය සංවත්සර උත්සවයකදීම ජාතිය ඇමතූ කිම් ජොන් අන් ඒ හරහා ජාත්‍යන්තරයට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණා. 

එහෙත් අමෙරිකාව සමග පසුගියදා පැවැති ඓතිහාසික සාකච්ඡාවෙන් පසුව න්‍යෂ්ටික හරණය සඳහා ගිවිසුම් ගත වූ උතුරු කොරියානු නායකයා අදට යෙදී තිබෙන එරට රාජ්‍ය සංවත්සරයේදී එම පොරොන්දුව ඉටු කිරීමට වගබලා ගන්නට ඇති බවටයි විචාරකයින් පවසන්නේ.