Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව 11 වන ආසියානු දැල් පන්දු ශුරතාවලිය දිනා ගනියි

කසුන් කළුම් / දිනුක් හේවාවිතාරණ




11 වන ආසියානු දැල් පන්දු ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. ඒ අවසන් මහා තරගයෙදි සත්කාරක සිංගප්පුරු කණ්ඩායම ගෝල 69-50ක් ලෙස පරාජයට පත් කරමින්.

 ශී‍්‍ර ලංකාව අවසන් වරට ආසියානු දැල් පන්දු ශූරතාවක් දිනා ගත්තේ 2009 වසරේදීයි. මේ දක්වා පවත්වා ඇති ආසියානු දැල් පන්දු ශූරතා තරගාවලි 11 න් අවස්ථා 9 කදීම ශී‍්‍ර ලංකාව අවසන් මහා තරගයට පිවිසියා.

ශී‍්‍ර ලංකා දැල්පන්දු කී‍්‍රඩිකාවන් ආසියානු දැල්පන්දු ශූරතාවක් දිනා ගත්තේ වසර 9කට පසුවයි. පළමු කාර්තුවේදීම දෙපිලම ආක‍්‍රමණශිලි ලෙස තරගයට අවතීරණ වූ අතර එ් අනුව එම කාර්තුව අවසන් වූයේ 16 ට 16ක් ලෙස  සම තත්වයෙන්. දෙවන කාර්තුව 16 ට 10ක් ලෙස ජය ගත්තේ ශී‍්‍ර ලංකාවයි. 3 වන කාර්තුව 18 ට 12ක් ලෙස ජය ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වුණා. සිව්වන කාර්තුව ශී‍්‍ර ලංකාව ජය ගත්තේ  19 ට 12 ක් ලෙසයි.

ශී‍්‍ර ලංකාව ආසියානු දැල්පන්දු ශූරතාව දිනා ගත් 5 වන අවස්ථාව මෙය වනවා. ජාතික දැල්පන්දු පුුහුණුකාරිනී තිලකා ජිනදාස සිය ධුරය භාර ගැනීමෙන් මාස 7ක් ඇතුළත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන් මෙලෙස දක්ෂතා දැක්වීම කැපී පෙනුනා. අවසන් වරට ශී‍්‍ර ලංකාව සහභාගි වූ ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලි 3 දීම ශී‍්‍ර ලංකාවට සිදු වූයේ අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමටයි.