Friday, April 19, 2024

General line - 0115112241

ස්විඩන් මැතිවරණයේ සංක‍්‍රමණිකයින්ට එරෙහි පක්ෂය ඉදිරියෙන්

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ස්විඩන් මහ මැතිවරණයේ ප‍්‍රතිඵල මේ වනවිට නිකුත් වෙමින් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ නිකුත් වී ඇති ප‍්‍රථිඵලවලට අනුව එරට පාලක මධ්‍යම වාමාංශික පක්ෂය පෙරමුණෙන් පසුවන බවයි.

මේ වනවිට නිකුත් වී ඇති ප‍්‍රතිඵලවලට අනුව එම පක්ෂය හිමිකර ගෙන සිටින ඡන්ද ප‍්‍රතිශතය සියයට 40.6ක්. සියයට 40.3 ක ඡන්ද ප‍්‍රතිශතයක් හිමි කර ගෙන සිටින විපක්ෂ සන්ධානය, පාලක සන්ධානය වෙත ප‍්‍රභල අභියෝගයක් එල්ල කරමින් ඉදිරියට පැමිණෙමින් සිටින බව විදෙස් වාර්තාවන්හි සඳහන්.

ඔවුන් ඡන්ද ව්‍යාපාරයේදී සංක‍්‍රමණික විරෝධී ප‍්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීම දැකගත හැකිවුණා. එබැවින් ඔවුන්ට මෙවර මැතිවරණයේදී ඉහළ ජනප‍්‍රසාදයක් හිමිව ඇති බව සඳහන්. එම පක්ෂය මෙවර මැතිවරණයෙන් ජය ගනු ඇති බවටද දේශපාලන විචාරකයින් මත පළ කරනවා.