Friday, April 19, 2024

General line - 0115112241

වාරිමාර්ගයෙන් ඉදිකළ විශාල වලක වැටී දරුවෙක් මරුට (PHOTOS)

වසන්ත චන්ද්‍රපාල




වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ජල කළමනාකරණය සඳහා ඉදිකරමින් තිබූ විශාල වලක වැටී වයස අවුරුදු 04ක දරුවෙක් මරණයට පත්ව තිබෙනවා.

අම්පාර බක්කිඇල්ල පොලිස් බල ප්‍රදේශයේ බක්කිඇල්ල ගම්මානයේ මෙම අනාරක්ෂිත වල ඉදිකරමින් තිබුණා.

ඊයේ (09) දින සවස මෙම අනතුර සිදුව ඇති බව ගම්වැසියන් පැවසුවා.

දින පහකට පමණ පෙර මෙම වල කපා ඇතත් එය වටේට ආරක්ෂිත පුවරවක් හෝ වැටක් ඉදිකර නොතිබුනු නිසා මෙම අනතුර සිදුව ඇති බව ගම්වැසියන් චෝදනා කරනවා.

අනතුරින් මියගොස් ඇත්තේ මනුහස් සංකල්ප ඒකනායක නැමැති දරුවෙක්. සිද්ධිය පිළිබඳව බක්කිඇල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.