Saturday, April 20, 2024

General line - 0115112241

සියයට 15 වේ වැට් බද්ද ආපසු ගෙවන කවුන්ටරයක් විවෘත කෙරේ




විදේශ සංචාරකයන් මිලදී ගනු ලබන භාණ්ඩවල වැට් බදු ආපසු ගෙවීමට විශේෂ කවුන්ටරයක් අඟහරුවාදා (11) විවෘත කෙරෙනවා.

විදේශ සංචාරකයන් ශ්‍රී  ලංකාවේ සංචාරය කරන අවස්ථාවේදී වැට් බදු අයකරනු ලබන භාණ්ඩ මිලදී ගත් විට එම භාණ්ඩ සඳහා අයකරනු ලබන 15% ක වැට් බද්ද රටින් බැහැර යන විට ඔවුන් හට ආපසු ගෙවීම අඟහරුවාදා (11) දින සිට ක්‍රිකයාත්මක කෙරෙන බවයි මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

මේ සඳහා වන විශේෂ කවුළුවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේදී අඟහරුවාදා පස්වරුවේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් විවෘත කරනු ලබන බවයි මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

(මේ පිළිබඳ වැඩි විස්තර පහතින් දැක්වෙයි)