Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් අංශයට සීල් තබයි: ඩොලර් මිලියන 5 ක වංචාවක් ගැන FCID ට පැමිණිල්ලක්

කසුන් කැලුම්




එළඹෙන එංගලන්ත තරග සංචාරයට අදාලව විකාශන අයිතිය සම්බන්ධයෙන් ඇමරිකානු ඩොලර් මිලියන පහක් ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ ප්‍රධානියෙකුගේ විදේශීය ගිණුමකට බැර කර ගැනීමට දැරූ උත්සහයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ පිළිබද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කරන බවයි ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පැවසුවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇමරිකානු ඩොලර් මිලියන 5ක වංචාවක් හසුවීමෙන් පසුව එහි ගිණුම් අංශයට අද (10) සීල් තබා ඇතැයි වාර්තා වනවා.
ක්‍රිකට් ආයතනයේ ගිනුම් අංශයේ ප්‍රධානියා ලෙස සේවයට එක්කරගත් පුද්ගලයකු විසින් මෙම වංචාව සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

ඔහු එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා පිලේ විකාශ අයිතිය ලබාගෙන ඇති සෝනි සමාගම ලබාදුන් ඩොලර් මිලියන 5ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නොවන වෙනත් ගිණුමකට යොමු කිරීමට උත්සාහ ගනිමින් මේ වංචාව සිදු කිරීමට උත්සාහ ගෙන තිබෙනවා.

බදුවලින් බේරීමට එම මුදල ක්‍රිකට් ගිණුමට බැර නොකොට වෙනත් ගිණුමකට බැර කිරීමට උත්සාහ ගත්බව මේ සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වමින් ගිණුම් අංශ ප්‍රධානියා පවසා ඇති බවයි වාර්තා වන්නේ.

ක්‍රිකට් ආයතනයේ සියලුම ප්‍රධානීන් මේ වන විට ඒ පිළිබද ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපාට දැනුම් දී ඇතැයිද නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වනවා.

.