Friday, March 29, 2024

General line - 0115112241

ත්‍රස්ත ප්‍රහාරයෙන් වසර 17 කට පසු විවෘත කළ උමං දුම්රිය මාර්ගය

දිනුක් හේවාවිතාරණ




මිට වසර 17 කට පෙර එනම් 2011 වසරේ සැප්තැම්බර් මස 11 වන දින අමෙරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ලවූ අල් කයිඩා ගුවන් ප්‍රහාරයෙන් පසු වසා දැමුණු උමං දුම්රිය මාර්ගයක් යලි විවෘත කිරීමට එරට බලධාරීන් ඉකුත් සෙනසුරාදා (08) පියවර ගනු ලැබුවා.

අමෙරිකාවේ නිව් යෝර්ක් නුවර පිහිටි උමං දුම්රිය මාර්ගයේ කොටසක් වසා දැමීමට සිදුවුයේ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ලෝක වෙළදා මධ්‍යස්ථානය කඩා වැටීමත් සමග එහි සුන්බුන්  නිසා උමං දුම්රිය මාර්ගය අවහිර වීම හේතුවෙන්.

නැවත විවෘත කරන ලද උමං දුම්රිය මාර්ගය පෙර තිබු ලෝක වෙළද මධ්‍යස්ථානයට යටින් සිටින ලෙස නැවත ඉදිකිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශ වූ නිව් යෝර්ක් නගරයේ අවසාන ඉදිකිරීමත් යළි ගොඩනැංවීමට හැකියාව ලැබුණු බවට එරට බලධාරීන් සදහන් කළ බව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත සදහන් කර සිටිනවා.

2011 වසරේ එල්ලවූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 2996 දෙනෙකු මිය ගිය අතර තවත් 6000 කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබූවා.