Thursday, April 25, 2024

General line - 0115112241

දික්වැල්ල ආසියානු කුසලානයට කැදවයි

කසුන් කැලුම්




සැප්තැම්බර් මස 15 වනදා ආරම්භ වීමට නියමිත කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැදවා තිබෙනවා. ඒ ආබාධයකට ලක්ව සිටින දිනේෂ් චන්දිමාල් වෙනුවටයි.

ඉකුත්දා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි 20 තරගාවලියේදී දිනේෂ් චන්දිමාල් ගේ ඇඟීල්ලක ඇතිවූ ආබාධය මෙතෙක් සුව වී නැති අතර ඒ සදහා තව කාලයක් ගතවන බවට වෛද්‍යවරුන් නිගමනය කර තිබෙනවා.

මේ හේතුවෙන් නිරෝෂන් දික්වැල්ල යලි ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ.