Friday, April 19, 2024

General line - 0115112241

ඉන්ධන මිල යලි ඉහළට

දිනුක් හේවාවිතාරණ




ඊයේ 10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දමා තිබෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ අනුව ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 4කින් ඉහළ දමා තිබෙනවා. 

ඔටෝ ඩිසල් ලිටරයක් රු.5 කින් සහ සුපර් ඩිසල් ලිටරයක් රු. 3කින් ඉහල දැමිමට ඉන්ධන මිල සුත්‍ර කමිටුව තිරණය කර ඇත්තේ.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රුපියල් 149 ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රුපියල් 161ක්.

ඔටෝ ඩීසල් ලීටයරක නව මිල රුපියල් 123ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක  නව මිල 133 ක් වේ.

ලෝක වෙළදපලේ ඉන්ධන මිල ඉහළ යාම මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමිමට හේතුවි ඇති බව මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.