Wednesday, April 24, 2024

General line - 0115112241

අමෙරිකානුවන් ආරක්ෂා කරන්න ඕනෑම දෙයක් කරනවා: ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අමෙරිකාව තර්ජණය කරයි

දිනුක් හේවාවිතාරණ




අමෙරිකානුවන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නෙ නම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට එරෙහිව සම්බාධක පනවන බවට අමෙරිකාව තර්ජනය කරනවා.

ඇෆ්ගනිස්තානයේ රැඳවියන් අපයෝජනයට ලක්වූ බවට චෝදනා කරමින් අමෙරිකා එක්සත් ජනපද හමුදා නිලධාරීන්ට එරෙහිව නඩු විභාග කිරීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය කටයුතු මේ වන විට සුදානම් වෙමින් සිට්නවා.

අමෙරිකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක ජෝන් බෝල්ටන් පැවසුවේ එක්සත් ජනපදය සිය පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ඕනෑම දෙයක් සිදුකිරිමට පසුබට නොවන බවයි.

ජත්‍යන්තර අපරාධ අධිකරණය අප පසු පසම එනවානම් අපි නිහඩව නොසිටින බවට ඔවුන්ට මතක් කරන්න කැමති යැයි අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් වොෂින්ටනයේදි සදහන් කර සිටියා.

යම් හෙයකින් අමෙරිකාවට එරෙහිව කටයුතු කිරිමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය කටයුතු කලහොත් එහි සිටින විනිශ්චයකරුවන් සහ නීතිඥයින්ට අමෙරිකාවට ඇතුළු වීමට තහනම් කොට ඔවුන් සතුව අමෙරිකාවේ තිබෙන අරමුදල් වලට සම්බාධක පැනවිමට පියවර ගන්නා බව ජෝන් බෝල්ටන් සදහන් කර ඇත.

"යම් හෙයකින් ඇමරිකානුවන් සාපරාධී අපරාධ කර ඇත්නම් ඔවුන්ට එරෙහිව අමෙරිකාවේ නිතිය අනුව පියවර ගැනිමට කටයුතු කරන බවත් එය අමෙරිකාව පමනක් නොව ලොව ඕනෑම රටක් සිදුකරනු ලබන බව මෙහිදි ආරක්ෂක උපදේශකවරයා අවධාරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයට එරෙහිවිමට හේතුව කුමක්දැයි මෙහිදි මාධ්‍යවේදින් අමෙරිකානු ආරක්ෂක උපදේශකවරයාගෙන් විමසා සිටියා. 

එයට පිළිතුරු වශයෙන් ඔහු සදහන් කර සිටියේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ක්‍රියා කලාපය අමෙරිකාවේ ස්වාධිපත්‍යට සහ ජාතික ආරක්ෂාවට තර්ජණයක් බවයී.