Tuesday, April 23, 2024

General line - 0115112241

ෆ්ලොරන්ස් එයි: අමෙරිකාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

දිනුක් හේවාවිතාරණ




අමෙරිකාවේ නැගෙනහිර වෙරළ කළාපය ආශ්‍රිතව ජිවත් වෙන සියළුම ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස එරට රජය දැනුම්දි තිබෙනවා.

ඒ දශක ගණනාවකට පසුව නැගෙනහිර වෙරළ කළාපයට බලපෑමට නියමිතවි තිබෙන ෆ්ලොරෙන්ස් සුළි කුණාටුව හේතුවෙන්.

කාලගුණ බලධාරින් සදහන් කරන්නේ ෆ්ලොරන්ස් සුළි කුණාටුව මේ වන විට පැයට කිලෝමිටර් 195ක වේගයෙන් හමා එන බවත් අනිද්දා (13) වන විට එය මිට වඩා බලවත්ව කැරොලිනා වෙරළ කළාපයෙන් අමෙරිකාවට ඇතුල්වනු ඇති බවයි.

මේ හේතුවෙන් උතුරු කැරොලිනාවේ සහ වර්ජිනියා ප්‍රාන්තයන් සදහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරිමට අමෙරිකාව පියවර ගෙන ඇත.

ජිවිත 49ක් බිලි ගනිමින් 1989 වසරේදි උතුරු කැරොලිනාවට බලපෑ හියුගෝ සුළි කුණාටුවට පසුව එම ප්‍රාන්තය මුහුණ දිමට යන ප්‍රබලතම සුළි කුණාටුව ෆ්ලොරන්ස් බවයි කාලගුණ බළධාරින් සදහන් කරන්නේ.