Friday, March 29, 2024

General line - 0115112241

මුව පැටවුන් මරාගෙන ගිය පිරිසක් අල්ලන්න මහ රෑ කළ මෙහෙයුමක් (PHOTOS)




පොළොන්නරුව අංගම්මැඩිල්ල ජාතික උද්‍යානය තුළදී ඉත්තෑවකු මුව පැටවුන් දෙදෙනකු මරා රැගෙන යමින් සිටි සැකකරුවන් 4 දෙනෙකු අද (11) අළුයම අත්අඩංගුවට ගැනීමට යාමේදී තිදෙනෙකු පලාගොස් ඇති අතර එක් අයෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා. පොළොන්නරුව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලීය, දියබෙදුම හා නිකවැව යන වනජීවී කාර්යාලීය නිලධාරීන් මෙම මෙහෙයුම සිදු කළා. 

සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.