Friday, April 19, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ ලාංකිකයෝ විශේෂ යානයකින් දිවයිනට - සියල්ලෝම උතුරු නැගෙනහිර පිරිමි

ටී කේ ජී කපිල - කටුනායක




නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී සිටි ශ්‍රී ලාංකිකයන් 09 දෙනෙකු, එරටින් පිටුවහල් කරනු ලදුව අද (11) දින උදෑසන යළිත් ශ්‍රී ලංකාව වෙත එවා තිබෙනවා. මොවුන් සියලු දෙනා යාපනය, වව්නියාව ඇතුළු උතුරු - නැගෙනහිර ප්‍රදේශ වල පදිංචි පිරිමි පුද්ගලයෝය.

මෙම පිරිස ඕස්ට්‍රේලියාවට අයත් විශේෂ ගුවන් යානයකින් උදෑසන 8.00 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත එවා තිතිබෙනවා. මොවුන් සමග එරට ආරක්ෂක නිලධාන් විශාල පිරිසක් ද එම ගුවන් යානයෙන් පැමිණ තිබුණා. කටුනායක ගුවන් තොටුපොළ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත මෙම පිරිස භාර දී ඇති අතර, ඔවුන් මෙම පිරිස ජාතික රහස් තොරතුරු ඒකකයට සහ ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත වැඩිදුර පරීක්ෂණ සඳහා භාර දී තිබෙනවා.