Friday, March 29, 2024

General line - 0115112241

කතානායක ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා දූත පිරිස ඉන්දීය ජනපති හා විදේශ ඇමති මුණ ගැසෙයි




ඉන්දීය පාර්ලිමේන්තුවේ විශේෂ ඇරයුම පරිදි එරට සංචාරයක නිරතව සිටින කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ශ‍්‍රී ලාංකික ධූත පිරිස ඉන්දීය විදේශ ඇමතිනී සුශ්මා ස්වරාජ් හමුවී තිබෙනවා. එහිදී ක්ෂේත‍්‍ර ගණනාවක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡුා කෙරුණු බවයි වාර්තා වන්නේ.

මෑත කාලීනව ශී‍්‍ර ලංකාව තුළ තොරතුරු දැනගැනීම, අධිකරණ ස්වාධීනත්වය වැනි කරුණු කෙරෙහි ඉන්දීය විදේශ අමාත්‍යවරිය එහිදී සිය ප‍්‍රසාදය පළකර තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ සමබර රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රතිපත්තියද එහිදී අගය කර ඇති බවයි වාර්තා වන්නේ. ඉදිරියේදී ද ශ‍්‍රි ලංකාව සම්බන්ධයෙන් උපරිම මිත‍්‍රශීලීව සහය දක්වන බවද ඉන්දීය විදේශ ඇමතිනී සුශ්මා ස්වරාජ් මෙහිදී ප‍්‍රකාශ කර තිබෙනවා.

කථානායක කරු ජයසුරිය මහතා ප‍්‍රමුඛ ශ‍්‍රී ලාංකික නියෝජිතයන් ඉන්දීය ජනපති රාම් නාත් කෝවින්ද් ද මුණගැසුණා. 

ක‍ථානායකවරයා ඇතුළු ශ්‍රී ලාංකික නියෝජිත පිරිස ඉතා සුහදව පිලිගත් ඉන්දීය ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ඉතාසමීප දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඉදිරියටද තහවුරු කරමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය සෑම අංශයකින්ම සහය වීමට ඉන්දියාව පසුබට නොවනු ඇතිබව අවධාරණය කර තිබෙනවා.