Friday, March 29, 2024

General line - 0115112241

ප්‍රංශය කැළඹුවේ සිසුවෙක් – ඝාතකයන්ගේ තොරතුරු හෙළිවේ(UPDATE)




ප‍්‍රංශයේ උතුරුදිග රුවාන් ප‍්‍රදේශයේ දේවස්ථානයක දී පියතුමෙකු ඝාතනය කරනු ලැබ ඇත්තේ 19 හැවිරිදි සිසුවෙක් විසින් බව විදෙස් මාධ්‍ය මේ වන විට අනාවරණය කර තිබෙනවා.

ඊයේ දේවස්ථානයක දේවමෙහෙයක් පැවැත්වෙද්දී තුවක්කුකරුවන් දෙදෙනෙක් පැමිණ එහි සිටි පිරිසක් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි අතර පසුව තුවක්කුකරුවන් දෙදෙනා ප්‍රංශ පොලිස් ප්‍රහාරයකින් මිය ගියා.

තුවක්කුකරුවන් විසින් ප‍්‍රාණ ඇපකරුවෙකු ලෙස රඳවාගෙන සිටි දේවස්ථානයේ පියතුමන්ව ඝාතනය කර ඇති බව පසුව අනාවරණය  වුණා.

මෙම තුවක්කුකරුවන් දෙදෙනාගෙන් අයෙක් මීට පෙර දෙවරක් සිරියාවට යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මෙම ප්‍රහාරකයන් ව්‍යාජ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගනිමින් පිරිස ප්‍රාණ ඇපයට ගෙන ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

මෙම ප‍්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය විසින් භාරගෙන තිබෙනවා.

_90515939_france_rouen_hostage_map624 _90521361_23252f7b-afa7-4229-9e0e-ddcf6c263ce7 160726-france-church-attack-embed-2


පියතුමන්ව ඝාතනය කරයි

Jul 26, 2016 @ 21:12

ප‍්‍රංශයේ උතුරුදිග රුවාන් ප‍්‍රදේශයේ දේවස්ථානයක සිටි පිරිසක් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඒ එරට පොලිසිය විසින්.

පසුව අනාවරණ වුණේ තුවක්කුකරුවන් විසින් ප‍්‍රාණ ඇපකරුවෙකු ලෙස රඳවාගෙන සිටි දේවස්ථානයේ පියතුමන්ව ඝාතනය කර ඇති බවයි.

ප‍්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය විසින් භාරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.

160726150047-jacques-hamel-priest-exlarge-169