Friday, March 29, 2024

General line - 0115112241

ගොඩනැගිලි සෙලවෙයි! ජනෙල් ඉබේ ඇරෙයි! නිදන ඇඳන් ඇදී යයි! සංචාරකයින් පිරි නගරයක භූමි කම්පාවක්

චම්ලි ඒකනායක - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




තුර්කියේ ඇන්ටාල්යා නගරයේ සිය මුහුදු සැතපුම් 40ක පමණ දුරින් භූමිකම්පාවක් සිදුව ඇතැයි වාර්තා වනවා. රිච්ටර් මාපකයේ 5.2ක් ලෙස එය සටහන්ව තිබෙනවා. ග්‍රිනීච් වේලාවෙන් අද (12) පෙරවරු 6.20ට (එරට වේලාවෙන් පෙ.ව 9.20ට) පමණ මෙම භුකම්පනය සිදුව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

භුමිකම්පාව අත්දුටුවන් පවසන්නේ ගොඩනැගිලි දැඩි ලෙස සෙලවුණු බවය. හෝටල් කාමරයක නිදමින් සිටි සංචාරකයකු පවසා තිබෙන්නේ තමා සිටි ඇඳ වේගයෙන් ඇදී ගිය බවයි. කාමරයේ ජනේල ඉබේම ඇරුණු බවද ඔහු පවසනවා.

මේ කිලයේ ඇන්ටාල්යා නගරයේ සංචාරකයින් වැඩි වශයෙන් සිටින සමයක්ද වනවා.