Saturday, April 20, 2024

General line - 0115112241

නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම මෙන්න

සමන්ත කුමාර




නවතම අයි සී සී ශ්‍රේණිගත කිරීම් අනුව ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායම් අතර සිව්වන ස්ථානය හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ, ඉන්දීය කණ්ඩායම සමග පැවති තරග 05කින් සමත්විත ටෙස්ට් තරගාවලිය හතරට එකක් ලෙස ජයගැනීමත් සමගයි. ඒ අනුව ඔවුන්ට හිමිව ඇති ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 105ක්.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ රැඳී සිටින්නේ ප‍්‍රසාද ලකුණු 115ක් ලබා සිටින ඉන්දියාවයි. දෙවන ස්ථානය දකුණු අප‍්‍රිකාවට හිමිව ඇති අතර  ඕස්ටේ‍්‍රලියාව තුන්වන ස්ථානයේ පසුවනවා. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ශ‍්‍රී ලංකාවට හිමිව ඇත්තේ 06 වන ස්ථානයයි.