Friday, April 19, 2024

General line - 0115112241

අලුයම දෙකේ සිට තියෙන පෝලිම

ඉෂාර සුපෙම් මානගේ




රියදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය වාර්තා ලබාගැනීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයට පැමිණෙන පිරිසට දැඩි දුෂ්කරතාවලට මුහුණදීමට සිදුව තිබෙනවා. 

මෙම ස්ථානයේ උදෑසන 06.00 පමණ වනවිට කාර්යාලය ඉදිරිපිට මීටර් සියයකට වඩා දිගු පෝලිම් පවතින බවයි වාර්තා වෙන්නේ.

කාර්යාලයේ අපහසුතා හේතුවෙන් ජනතාව අලුයම දෙකේ පමණ සිටම පැමිණෙන බවද වාර්තා වෙනවා. ඒ අනුව සිය කාර්යයන් සිදු කර ගැනීම සඳහා ඔවුන්ට පැය පහක පමණ කාලයක් පෝලීමේ රැඳී සිටීමට සිදුවෙනවා. 

උදෑසන 6 ට පමණ කාර්යාලයට ඇතුළුකර ගන්නාවිට ගම්පහ කොළඹ ප්‍රධාන මාර්ගයේ මීටර් සියයකට වඩා දුරට දිගු පෝලිම් දැකගත හැකියි. දිනකට වෛද්‍ය වාර්තා 400 ක් පමණක් නිකුත් කෙරෙන අතර එය මෙම ගැටලුවලට හේතුවී තිබෙනවා. 

කාර්යාලය තුළද ඉල්ලුම් පත්‍රයක් පිරවීමට තරම්වත් පහසුකම් නැති බවටයි වෛද්‍ය වාර්තා ලබාගැනීමට පැමිණෙන පිරිස් චෝදනා කරන්නේ.