Wednesday, April 24, 2024

General line - 0115112241

දික්වැල්ල මෙතෙක් ක්‍රීඩා කළ විලාසය වෙනස් කර ගනී




ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී පිතකරුවෙකු ලෙස කණ්ඩායමට උපරිම දායකත්වයක් ලබාදීමට සූදානම් බව නිරෝෂන් දික්වැල්ල පවසනවා.

ඒ සඳහා තම තාක්ෂණික ක‍්‍රමවේදය සහ ක‍්‍රීඩා සැලැස්ම වෙනස් කර ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිරෝෂන් දික්වැල්ල ප‍්‍රකාශ කර ඇත්තේ.

ආබාධයකට ලක්ව සිටින දිනේෂ් චන්දිමාල් වෙනුවට නිරෝෂන් දික්වැල්ල ආසියානු කුසලාන තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායමට නම් කෙරුණා. 

ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලිය එළඹෙන සෙනසුරාදා ඩුබායිහි දී ආරම්භ වනවා.

එහිදී පළමුව තරග වදින්නේ ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශයයි. A සහ B කාණ්ඩ යටතේ කණ්ඩායම් 06ක් තරගාවලියට එක්වනවා. ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශයට අමතරව ඇෆ්ගනිස්ථානය B කාණ්ඩයට ඇතුළත්. ඉන්දියාව, පකිස්තානය හා හොංකොං A කාණ්ඩය නියෝජනය කරනවා.