Thursday, April 25, 2024

General line - 0115112241

"තවත් සිරිසේන කෙනෙක් හදන්නද මේ යන්නේ" - වෙල්ගමගෙන් දැඩි විරෝධයක් (VIDEO)

සමන්ත කුමාර/නිශාන් ද සිල්වා




පවුල්වාදය රටට නොගැළපෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම පවසනවා.

ඉදිරි ජනාධිපතිවරණයට සිය සහෝදරයෙකු ඉදිරිපත් වන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා.

එහිදී "මේ පවුල්වාදය නිසා තමයි හිටපු ජනාධිපතිතුමා ගියපාර පැරදුනේ. මොකද පවුලේ සාමාජිකයින්ට තමයි මුල් තැන දීලා තිබුණේ. ඒකට ඇමතිවරු සියල්ලක්ම තරහා වුණා. කෙලින් වැඩ කරපු අයත් යටින් එතුමාට විරුද්ධව වැඩ කළා. මේක පවුලට විතරක් සීමා කරනවාට මම නං කැමති නෑ. පක්ෂයක් වුණාම කාටත් අයිතියි. ඒ පවුලේ නොවෙන ජ්‍යෙෂ්ඨයෝ ගොඩක් ඉන්නවා. එතුමා මතක තියා ගන්න ඕනේ ජේ.ආර්ගෙන් ප්‍රේමදාස මහත්තයා කැමැත්තෙන් ගත්තේ නෑ.. චන්ද්‍රිකා නෝනා රාජපක්ෂ මහත්තයාට කැමැත්තෙන් දුන්නේ නෑ..සිරිසේන මහත්තයා ගියේ එතුමාට හිමි තැන දුන්නේ නැති නිසා. එතකොට තවත් සිරිසේන කෙනෙක් හදන්නද මේ සූදානම් වෙන්නේ." යනුවෙන් සඳහන් කළා.