Wednesday, April 24, 2024

General line - 0115112241

මීයෙක් නිසා අමෙරිකානු ඩොලර් මිලියන 190 ක් පාඩු ලැබූ අවන්හල (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




" මීයෙක්" නිසා සුප්‍රසිද්ධ අවන්හල් ජාලයකට අමෙරිකානු ඩොලර් මිලියන 190 ක පාඩුවක් විදීමට සිදුවූ පුවතක් චීනයෙන් වාර්තා වනවා. කොටස් වෙළදපලේ සිය කොටස් වල අගය පහත වැටීම හේතුවෙන් මෙලෙස පාඩු විදීමට සිදුව ඇත්තේ චීනයේ සුප්‍රසිද්ද Xiabu Xiabu අවන්හල් ජාලයට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සැප්තැම්බර් මස 06 වනදා චීනයේ ශෑන්ඩොන්ග් ප්‍රාන්තයේ පිහිටි Xiabu Xiabu අවන්හලේ ආහාර ගැනීමට ගිය ගැබිණි කාන්තාවකට ලබාදුන් සුප් එකක තිබී මියගිය කුඩා මියෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා. පසුව ඇය විසින් මෙම මියගිය කුඩා මීයාගේ සිරුර ජයාරුපයට ගෙන සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර ඇති අතර මේ වන විට එය චීනය තුල දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

අනාරක්ෂිත ආකාරයෙන් පාරිභෝගිකයින්ට ආහාර ලබාදීමේ චෝදනාවට ශෑන්ඩොන්ග් ප්‍රාන්තයේ පිහිටි Xiabu Xiabu අවන්හල වසා දැමීමට ප්‍රාන්ත බලධාරීන් විසින් පියවර ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

මෙම සිදුවීමත් සමග අවන්හල විසින් ගැබිණි කාන්තාවට අමෙරිකානු ඩොලර් 730 ක වන්දියක් ගෙවීමට පියවර ගෙන ඇති අතර ඇයගේ ස්වාමිපුරුෂයා එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සිය ගැබිණි බිරිඳ මෙම සිදුවීම නිසා කම්පනයට පත්ව ඇති බැවින් වන්දි මුදල් ලබා ගැනීමට පෙර හැකි ඉක්මනින් ඇය පුර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට කටයුතු කළයුතු බව ඔහු චීනයේ මාධ්‍ය වෙත කියා තිබෙනවා.