Saturday, April 20, 2024

General line - 0115112241

යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු වැඩසටහන සාර්ථකව අවසන් කෙරේ (UPDATE)




කැකිරාව බස්තියන් සිල්වා මහා විද්‍යාලයේදී පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ දෙදින නේවාසික කඳවුර අද (16) සාර්ථකව අවසන් වුණා. 

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට ලංකා බැංකුව ද නෙත් නිවුස් සමඟ අත්වැල් බැඳගත්තා. මේ, ඒ පිළිබඳ අදහස් දැක්වූ ලංකා බැංකුවේ කැකිරාව ශාඛාවේ කළමනාකරු ජයන්ත පලිහේන.

...................................................................................................................

යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු වැඩසටහනේ දෙවන දිනය අද (UPDATE)

(16-09-2018 09:00)

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව කැකිරාව බස්තියන් සිල්වා මහා විද්‍යාලයේදී සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ දෙදින නේවාසික කඳවුරේ අද (16) දෙවන දිනයයි.

පළමු දිනයේ රාති‍්‍රය ඊයේ (15) නිමාවට පත්වූයේ විචිත‍්‍රවත් ගිනිමැළ සංදර්ශනයකින්.

කඳවුරට එක්ව සිටින දරු දැරියන්ගේ විවිධ සෞන්දර්යාත්මක කි‍්‍රයාකාරකම් තුලින් ගිනිමැල සංදර්ශනය සමන්විත වී තිබුණා.

මෙහිදී විවිධ කි‍්‍රයාකාරකම්වල නිරත දරු දැරියන් කිහිපදෙනෙක් සිය අත්දැකීම් නෙත් නිවුස් වෙත මෙලෙස විස්තර කළා. එම අදහස් පහතින් දැක්වෙයි.

නෙත් නිවුස් සමග මෙවරද අත්වැල් බැඳ ගත් ලංකා බැංකුවේ සහකාර කළමනාකරු (අලෙවි) ජගත් හිරිපිටියගේ ද මෙහිදී අදහස් දැක්වූවා.

දෙදින නේවාසික කඳවුරට එක්ව සිටින දරු දැරියන් වෙනුවෙන් අද දිනයේද විශේෂ දේශන සහ කි‍්‍රයාකාරකම් රැසක් පැවැත්වීමට නියමිතයි. 
 

 

---------------------------

යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු වැඩසටහනේ ගිනිමැල සංදර්ශනය අද රාත්‍රියේදී 

(15-09-2018 18:23)

 

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහන කැකිරාව බස්තියන් සිල්වා මහා විද්‍යාලයේදී දෙවන දිනටත් මේවනවිට කි‍්‍රයාත්මක වනවා. 

දෙදින නේවාසික කඳවුරට එක්ව සිටින සිසුන් වෙනුවෙන් පැවැත්වෙන ගිනිමැළ සංදර්ශනය තවත් නොබෝ වේලාවකින් ආරම්භවීමට නියමිතයි.  

අද (15) දිනය පුරා මෙම වැඩසටහනට එක්ව සිටින සිසුන් න්‍යායික දේශන හා ප‍්‍රායෝගික කි‍්‍රයාකාරකම් රැසකට සහභාගී වුණා. නේවාසික කදවුරට සහභාගි වන දරු දැරියන් සහ මව්පියන් වෙනුවෙන් විශේෂ සංගීත චිකිත්සාවක්ද අද පැවැත්වුණා. ඊට එක්වූ මව්පියන් කිහිපදෙනෙකු නෙත් නිවුස් වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.


.......................................................................................

යූ ආර් අ ලීඩර් 30වැන්න කැකිරාව බස්තියන් සිල්වා මහා විද්‍යාලයේදී 

(14-09-2018 18:43)

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ තිස් වැන්න කැකිරාව බස්තියන් සිල්වා මහා විද්‍යාලයේදී මේවනවිට පැවැත්වෙනවා.

දරු දැරියන් සදහා වූ දේශණ මෙන්ම ගුරුවරුන් සදහා වූ පුහුණු සැසියක්ද අද පැවැත්වුණා. මෙම වැඩසටහන පිළිබඳ කැකිරාව බස්තියන් සිල්වා මහා විද්‍යාලයේ විදුහල්පති උපාලි හේවාපතිරණ දැක්වූයේ මෙවන් අදහසක්.


ගුරුවරුන් සඳහා පැවති දේශනයට එක්වූ කිහිපදෙනෙකු සිය අත්දැකීම් විස්තර කළේ මෙලෙසයි.


ගුරුවරුන් මෙන්ම සිසුන් සඳහා ද පැවැත්වෙන ‘අන්කන්ඩිෂනල් ලව්’ රස වින්දන වැඩසටහන මේවනවිට පැවැත්වෙනවා. 

..........................................................................................................................

යූ ආර් අ ලීඩර් 30වැන්න අද ඇරඹෙයි

(14-09-2018 07:17)

නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ තිස් වැන්න අද (14) ආරම්භ වනවා. ඒ, කැකිරාව බස්තියන් සිල්වා මහා විද්‍යාලයේදීයි. ලබන 17 වනදා දක්වා මෙම වැඩසටහන පැවැත්වෙනවා. එහිදී දරු දැරියන් වෙනුවෙන් මෙන්ම ඔවුන්ගේ මව්පියන් සහ ගුරුවරුන් වෙනුවෙන්ද විවිධ කි‍්‍රයාකාරකම් පැවැත්වෙනු ඇති. 

දරු දරුරියන් සදහා වූ දේශන කිහිපයක්ද ගුරුවරුන් සදහා වූ පුහුණු සැසියක්ද අද පැවැත්වෙනවා. විද්‍යාලීය සියළු දරුදැරියන් වෙනුවෙන් කථික, පද්‍ය ගායනා, ගද්‍ය රචනා සහ චිත‍්‍ර තරගද පැවැත්වීමට නියමිතයි. පස්වරුවේ ‘අන්කන්ඩිෂනල් ලව්’ රස වින්දන වැඩසටහනද පැවැත්වෙනවා. 

අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ සංවිධාන කෙරෙන පළමු යූ ආර් අ ලීඩර් වැඩසටහනද මෙයයි.