Friday, April 19, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් පළමු කඩඉම ජයගනී

කසුන් කැළුම්




ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තමන් සහභාගි වූ පළමු තරගයෙන් ජය ගැනීමට ශී‍්‍ර ලංකා පිරිමි කණ්ඩායම අද (14) සමත් වුණා. ඒ,  චීන කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 31කට බින්දුවක් ලෙස ජය ගනිමින්. ශී‍්‍ර ලංකා කණ්ඩායම  සහභාගි වන දෙවන තරගය අද පස්වරු 2.45 ට ආරම්භ වන්නේ මෙවර ආසියානු කී‍්‍රඩා උළලේ රග්බි රිදී පදක්කම දිනාගත් ප‍්‍රබල ජපානය සමගයි.

මෙවර ශී‍්‍ර ලංකා රග්බි කණ්ඩායමට ශි‍්‍රනාත් සූරියබණ්ඩාර නායකත්වය ලබාදෙනවා.

මේ අතර මෙම තරගාවලියේ ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයේදී කසකස්ථානය හමුවේ 36 ට බින්දුවක් ලෙස පරාජයට පත් වුණා.