Friday, March 29, 2024

General line - 0115112241

හෙට උණුසුම් කාලගුණික තත්ත්වයක් : අනුගමනය කළ යුත්තේ කුමක්ද ? (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




හෙට (15) දිනයේදී නැගෙනහිර, පොළොන්නරුව, මුලතිව් සහ කිළිනොච්චි දිස්ත්‍රික්කයන් හි ඇතිවන උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් එම දිස්ත්‍රික් වල ජිවත් වන මහජනතාව අවධානයෙන් යුතුව සිටිය යුතු බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ වන විට රට තුල පවතින උණුසුම් කාලගුණික තත්ත්වය සහ වායුගෝලයේ පවතින ආර්ද්‍රතාවය ගණනය කරමින් සාදනු ලබන උණුසුම් දර්ශකයට (Heat Index) අනුව හෙට දිනයේදී ඉහත දිස්ත්‍රික්කයන්හි වෙසෙන ජනතාවට තමන්ගේ ශරිරයන්ට දැනෙන උණුසුම අධික විය හැකි යැයි කාලගුණ බලධාරීන් අනතුරු අඟවනවා.

මේ හේතුවෙන් අධික උණුසුම් කාලගුණයෙන් බේරීම සදහා ගත යුතු උපදෙස් මාළාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති අතර එය පහත සදහන්.