Tuesday, April 23, 2024

General line - 0115112241

ව්‍යවස්ථාදායක සභාවට නව නියෝජිතයෙක්

හේමන්ත කහවලගේ




ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාදායක සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය මහින්ද සමරසිංහ නම් කර තිබෙනවා. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින්  ඒ පිළිබඳ කතානායකවරයා වෙත ලිඛිතව දන්වා යවා ඇති බවයි ජනාධිපති කාර්යාලය පැවසුවේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාදායක සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස මේ දක්වා කටයුතු කළේ අමාත්‍ය පාඨලී චම්පික රණවකයි. ඔහුගේ නිල කාලය මේ මස 05වනදායින් අවසන් වුණා. ඒ අනුවයි අමාත්‍ය මහින්ද සමරසිංහ එම තනතුරට නම් කර යවා ඇත්තේ.

සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාවට අග‍්‍රාමාත්‍යවරයා, කතානායකවරයා සහ විපක්ෂනායකවරයා ඇතුළත්. ඊට අමතරව  අග‍්‍රාමාත්‍යවරයා, කතානායකවරයා සහ විපක්ෂනායකවරයා නම් කරන නියෝජිතයින් දෙදෙනෙකු ද ඊට ඇතුළත් වනවා.