Wednesday, April 24, 2024

General line - 0115112241

චෝදනා එල්ල වූ නියෝජ්‍ය පොලිස්පති ගැන අගමැති වාර්තාවක් ඉල්ලයි

හේමන්ත කහවල / මහේෂ් චතුරංග




ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා. එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පරික්ෂණ සිදු කරන ලෙස පොලිස් කොමිසම ද පොලිස්පතිවරයා වෙත දැනුම්දීමක් කර තිබුණා.

මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද  පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.  

චෝදනා එල්ල වී සිටින ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ සේවය අත්හිටුවිය යුතු බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එහි තරුණ පෙරමුණ අද (14) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෂෙහාන් සේමසිංහ මේ බව කියා සිටියා.