Friday, April 19, 2024

General line - 0115112241

10 හැවිරිදි දැරියකට ලිංගික අපයෝජනය කළ සාමදාන විනිශ්චකාරවරයා අත්අඩංගුවට

ලලිත් චාමින්ද




දස හැවිරිදි දැරියක් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කල හැත්තැහැවිරිදි වියේ පසුවු සාමදාන විනිශ්චකාරවරයෙකු හා ඔහුගේ මිතුරෙකු අත්අඩංගුවට ගත් බව අක්මිමන පොලිසිය පවසනවා.

මෙම සාමදාන විනිශ්චකාරවරයා මෙම දැරිය තම ත්‍රි රෝද රථයෙන් පාසලට රැගෙන යාම හා  එම සිදුකරණ බවද පොලිසිය සදහන් කර සිටියා.

පසුගිය දිනක  මොහු මෙම දැරිය තම මිතුරාගේ නිවසට රැගෙන ගොස් ඇත. එහිදි දෙදෙනා එක්වි දැරිය බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කොට ඇති බව පොලිසිය කියයි. මේ ගැන කිවහොත් දැරියගේ මව මරාදමන බවය දැරියට තර්ජනය කොට ඇති බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.

 දැරිය නිවසකට රැගෙන යන අයුරු දුටු අසල්වැසියකු මේ ගැන දැරියගේ මවට පවසා ඇති අතර ඒ අනුව දැරිය විසින් සියලු විස්තර මවට පවසා ඇති අතර  පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සාමදාන විනිශ්චකාරවරයා හා ඔහුගේ මිතුරා අක්මිමන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.