Thursday, April 25, 2024

General line - 0115112241

ආසියානු ක්‍රිකට් උණුසුම අද සිට

කසුන් කැළුම්




 

14 වන ආසියානු කුසලාන කි‍්‍ර‍කට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද (15) ආරම්භ වනවා. 

පළමු තරගය අද පැවැත්වෙන්නේ බී කාණ්ඩයෙන් තරග වදින ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායි කී‍්‍රඩාංගණයේදීයි. 

මෙවර ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලිය සදහා තරග වදින රටවල් සංඛ්‍යාව 6ක්. 

"එ්" කාණ්ඩයෙන් ඉන්දියාව, පාකිස්තානය සහ හොංකොං යන කණ්ඩායම් තරග වදින අතර "බී" කාණ්ඩයෙන් තරග වදින්නේ ශී‍්‍ර ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානයයි. 

ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියක් එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 3 වන අවස්ථාව මෙය වන අතර ඔවුුන් අවසන් වරට ඒ සදහා සත්කාරකත්වය ලබාදුන්නේ 1995 වසරේදීයි.


ආසියානු ශූරතා 13න් 6ක් ඉන්දියාව දිනයි

මේ දක්වා පවත්වා ඇති ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලි 13න් වැඩිම වාර ගණනක් ශූරයින් බවට පත්ව ඇත්තේ ඉන්දියාවයි. ඔවුන් හය වතාවක් ආසියානු ශූරයින් බවට පත්වුණා. 

අවසන් වරට 2016 වසරේ පන්දුවාර විස්ස තරගාවලියක් ලෙස පැවති ආසියානු කි‍්‍රකට් තරගාවලියෙ ශූරයින් බවටද පත්වූයේ ඉන්දීය කණ්ඩායමයි. 

ශී‍්‍ර ලංකාව පස් වතාවක් ආසියානු කි‍්‍රකට් ශූරතාව දිනා ගැනීමට සමත් වුණා. ශී‍්‍ර ලංකාව අවසන් වරට ආසියානු කි‍්‍රකට් ශූරතාවක් දිනා ගත්තේ 2014 වසරේදීයි. 

පාකිස්තානය අවස්ථා දෙකක දී ආසියානු කි‍්‍රකට් ශූරතාව දිනා ගත් අතර බංග්ලාදේශය දෙවතාවකදී ආසියානු අනුශූරයින් බවට පත් වුණා. 

සනත් තවමත් ඉදිරියෙන්

ආසියානු කිි‍්‍රකට් තරගාවලි ඉතිහාසයේ වැඩි දස්කම් දක්වා තවමත් ඉදිරියෙන් පසුවන්නේ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින්. 

ආසියානු තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කරමින් තවමත් ඉදිරියෙන් පසුවන්නේ හිටපු නායක සනත් ජයසූරියයි. 

ආසියානු කි‍්‍රකට් තරග 25කට එක්වෙමින් ජයසූරිය රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 1220ක්. එම සටහනේ දෙවන ස්ථානය තරග  24කදී ලකුණු 1075ක් රැස් කළ කුමාර් සංගක්කාරට හිමිව තිබෙනවා.

ආසියානු කි‍්‍රකට් තරගාවලි  ඉතිහාසයේ ලකුණු දහස සම්පූර්ණ එකම කී‍්‍රඩකයන් දෙපළ වන්නේ ජයසූරිය සහ සංගක්කාරයි. 

ආසියානු කි‍්‍රකට් තරගාවලි ඉතිහාසයේ වැඩිම ශතක රැස්කළ පිතිකරුවන් අතර පෙරමුණේ පසුවන්නේ මෙම කී‍්‍රඩකයින් දෙපළයි. සනත් ජයසූරිය වාර්තා කර ඇති ආසියානු කි‍්‍රකට් ශතක සංඛ්‍යාව 6ක්. කුමාර් සංගක්කාර ශතක 4ක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.

ආසියානු ක්‍රිකට් පිටිය වැනසූ අජන්ත මෙන්ඩිස් 

ආසියානු කි‍්‍රකට් තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලූලාභින් අතර පෙරමුණ ගෙන සිටින්නේද ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයින් දෙදෙනෙක්. 

මුත්තයියා මුරලිදරන් ආසියානු කි‍්‍රකට් තරග 24කට කී‍්‍රඩා කරමින් බිද හෙලා ඇති කඩුලූ සංඛ්‍යාව 30ක්. එම සටහනේ දෙවන දැනට හිමිකම් කියන්නේ කලක් කැරම් පන්දුවෙන් ලොවම මවිත කළ අජන්ත මෙන්ඩිස්. ඔහු බිද හෙලා ඇති ආසියානු කි‍්‍රකට් කඩුලූ සංඛ්‍යාව 26 ක්. ලසිත් මාලිංග කඩුලූ 24ක් බිද හෙලමින් එම සටහනේ සිවුවන ස්ථානයට හිමිකම් කියනවා. 

ආසියානු තරගාවලි ඉතිහාසයේ ඉනිමක හොදම පන්දුයැවීමට හිමිකම් කියන්නේද අජන්ත මෙන්ඩිස්. 

ඔහු 2008 වසරේ කරච්චි නුවරදී පැවති ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 13කට දවාගත් කඩුලූ 6 බිද හෙල්ලන්නට කිසිදු ආසියානු පන්දු යවන්නෙකු මෙතෙක් සමත්කම් දක්වා නැහැ.