Thursday, April 25, 2024

General line - 0115112241

වෛද්‍යවරු ඕන නැහැ කියද්දි "කෝටි දෙකේ අල්ලස ගත් ප්‍රබලයා" දිගටම රෝහලේ

නිශාන් ද සිල්වා




රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප‍්‍රධානී ආචාර්ය අයි එන් කේ මහානාම තවදුරටත් බන්ධනාගාර රෝහලේ නේවාසිකව සිටින බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට මීට සති දෙකකට පෙර ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණා.

බන්ධනාගාර ආරංචි පැවසුවේ ඔහුට තිබූ අසනීප තත්ත්වයට නේවාසිකව ප‍්‍රතිකාර ලබාදීමට අවශ්‍ය නොවන බවයි. එහෙත් ඔහු බන්ධනාගාර රෝහලේ නේවාසිකව රදවා තැබීමට ඇතැම් පාර්ශව කටයුතු කර තිබූ බන්ධනාගාර ආරංචි පැවසුවේ. පසුගිය සතියේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන ආචාර්ය අයි එන් කේ මහානාමගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්‍ෂා කළ කොළඹ ජාතික රෝහලේ සර්වාංග රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු පරීක්‍ෂා කළ අතර ඔහුද නිර්දේශ කර ඇත්තේ තවදුරටත් ආචාර්ය අයි එන් කේ මහානාමට නේවාසිකව ප‍්‍රතිකාර ලබාදීමට අවශ්‍ය නොවන බවයි. එසේ නිර්දේශ කර තිබියදීත් කුමන හෝ බලපෑම් මත තවදුරටත් ආචාර්ය අයි එන් කේ මහානාම බන්ධනාගාර රෝහලේ සිටින බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

රුපියල් කෝටි දෙකක අල්ලස් මුදලක් ලබාගැනීමේදී ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප‍්‍රධානී ආචාර්ය අයි එන් කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී දිසානායක කොළඹ ප‍්‍රසිද්ධ හෝටල් පරිශ‍්‍රයකදී ඉකුත්දා අත්අඩංගුවට ගැණුනා. ඒ, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.