Thursday, April 25, 2024

General line - 0115112241

30 වන මහවැලි කී‍්‍රඩා උළෙල අද ඇරඹේ




30 වන මහවැලි කී‍්‍රඩා උළෙල ඇඹිලිපිටිය මහවැලි කී‍්‍රඩාංගණයේදී අද (15) ආරම්භ වනවා. මෙවර එහි තේමාව වන්නේ ස්වයංපෝෂිත යුගයක් - මහවැලි තාරුණ්‍යට අපමණ අගයක් යන්නයි. අද සහ හෙට පැවැත්වෙන මහවැලි කී‍්‍රඩා උළෙලට මහවැලි කලාප 10 ක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 3,000 ක් පමණ සහභාගි වනවා. මෙවර කී‍්‍රඩා උළෙල තරග ඉසව් 42 කින් සමන්විතයි.

සමාරම්භක උළෙල අමාත්‍ය මහින්ද අමරවීරගේ සහ රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායකගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. සමාරම්භක උළෙලේ විශේෂ ආරාධිතයන් ලෙස මෙවර ආසියානු දැල් පන්දු ශූරතාව දිනූ ශී‍්‍ර ලංකා දැල්පන්දු කී‍්‍රඩිකාවන්ටද ආරාධනා කර තිබෙනවා. මහවැලි කී‍්‍රඩා උළෙලේ සමාප්ති උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.