Friday, March 29, 2024

General line - 0115112241

කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධිය රාජපක්ෂවරුන්ගේ ගිණුමට - ඩලස් කියයි

තරංග රුක්ෂාන් ජයසේකර




මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධිය රාජපක්ෂවරුන්ගේ ගිණුමට බැර කිරීමේ උත්සහයක් ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම පවසන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඇති සාක්ෂි මඟහරිමින් විවිධ පුද්ගලයින් අතර හුවමාරු වූ බව කියන දුරකතන ඇමතුම් පිළිබඳ විමර්ශනය කරමින් ඇති බවයි. 

ඉතා වංක අයුරින් අවධානය වෙනතට යොමු කිරීමට පොලිසිය උත්සහ දරමින් ඇති බව පෙනෙන්නට ඇතැයි ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීවරයා පවසනවා. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.